2025 මාර්තු මස 30 ප.ව. 01:16 - {{hitsCtrl.values.hits}}
සරැසාර කෙත්වතු ස්වයංපෝෂිත වූ භූමියක්
හඬා වැටෙනවා මලානික වී සැවොම
මේ රැදුරැ නියඟයෙන්
එදා සරැසාර කෙත්වතු
සිනාසුණ බෝග ගොවි ගෙවිලියන්
අද...
අසරණයි සැවොම
ඉරිතළා ගොස් මහ පොළොව
මැලවිලා වගා බිම් සිඳී ගිය දිය උල්පත්
අමනාපයෙන් ද වැහි වලාවේ
වුණා නම් වරදක්
සමාවනු සිය දහස් වාරයක්
වැසි පිරිතේ ආනුභාවයෙන්
කඩා හැලෙනු නොපමාව
මහා වැහිවරැසා
සිසිල් වන්න මේ
දවන ගින්න
මෙතුලි ලවන්මා
9 ශ්‍රේණිය,
හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය, හංවැල්ල.
![]() |
diary Read more... |