.
දෙමාපියන් ළමුන් සමග පන්සල් වත්තේ
සුදු ඇඳගෙන හැන්දෑවේ මොකද කරන්නේ
හඳුන්කූරැ පහන් කපුරැ දල්වාලන්නේ
ශබ්ද නගා ගාථා කියා බුදුන් වඳින්නේ
වෙනදා මෙන් නොවේ බොහෝ දෙනා සිටින්නේ
කුමක් නමුත් විශේෂයක් ඇතැයි සිතෙන්නේ
ඇබිත්තයා වෙත ගොස් මා එය විමසන්නේ
සිනාසිලා ඔහු මෙලෙසින් පිළිතුරැ දෙන්නේ
විභාගෙ ළඟ එන නිසාලු පන්සල් එන්නේ
කරදරේදි විතරලු බෝධිය සිහිවන්නේ
විභාග නැති කාලෙට බෝධිය වේළෙන්නේ
එකලට නැත පහන් කපුරැ දල්වාලන්නේ
උෂානි චතුමිකා රාමනායක
10 ශ්‍රේණිය,
බප/කැල/ දරණාගම මහා විද්‍යාලය,
කැලණිය.