අම්පාර කොට්ඨාස අධ්‍යාපන කලාපයේ සිසුන්ට ක්‍රීඩා අභ්‍යාස

2025 අප්‍රේල් මස 20 ප.ව. 02:03 - {{hitsCtrl.values.hits}}  

ප්‍රාථමික පාසල් දරැ දැරියන් යහපත් ශාරීරික සෞඛ්‍ය තත්ත්වයකින් හෙබි දරා ගැනීමේ ශක්තිය ඇති පිරිසක් බවට පත් කිරීමේ අරමුණ ඇතිව පවත්වනු ලබන ක්‍රීඩා අභ්‍යාස නාමල්තලාව මහා විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි . අම්පාර කොට්ඨාස  අධ්‍යාපන කලාපයේ පාසල් 18 ක ප්‍රාථමික අංශයේ 3,4,5 ශ්‍රේණි වල දරැ දැරියෝ 1000 ක් පමණ මෙම අභ්‍යාසවලට සහභාගි වූහ . 
ගම්බද පාසල් දරැ දැරියන් නගරයට ගොස් ක්‍රීඩා කටයුතුවල යෙදීම වෙනුවට නගරයේ පාසල්වල  දරැ දැරියන් ගම්බද පාසල්වල ක්‍රීඩා අභ්‍යාසවල යෙදීම නිසා ගම්බද පාසල්වලට වටිනාකමක් ලබා දීම මෙම වැඩසටහනේ එක් අරමුණක් බව ප්‍රාථමික අංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ජී.එච්.ප්‍රේමරත්න මහතා පැවසීය . කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක නිමල් දිසානායක මහතා විශේෂ අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගි වූයේය . 
(නාමල්ඔය පියසේන වතුදුර) 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...