2025 අප්‍රේල් මස 20 පෙ.ව. 05:08 - {{hitsCtrl.values.hits}}
අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ රිය නියාමකවරියන් 41 දෙනෙකු පුහුණු කිරීමේ වැඩ සටහනක් අම්පාර පොලිසියේ රථ වාහන අංශය විසින් පසුගියදා ක්‍රියාත්මක කෙරිණි . රථ වාහන හැසිරවීම සහ වගකීමකින් කහ ඉර මත ගමන් කිරීම පිළිබදව මෙහි දී දැනුමක් ලබාදුණි. විදුහල්පතිනි ඒ.එම්.කේ. රාජපක්ෂ , නියෝජ්‍ය විදුහල්පතිනි ඊ.එච්.මල්කාන්ති යන මහත්මීහු මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
අම්පාර පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාර ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් ගුණරත්න 62981 , පොලිස් සැරයන් සම්පත් 3463, පොලිස් සැරයන් චන්ද්‍රදාස 10673 , පොලිස් සැරයන් රැවන් 43716 , කාන්තා පොලිස් කොස්තාපල් චන්ද්‍රකාන්ති 3513 , කාන්තා පොලිස් කොස්තාපල් චම්පිකා 9243 යන නිලධාරිහු මෙම අවස්ථාවට සහභාගි වූහ .
![]() |
diary Read more... |