අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල විදුහලට සමස්ත ලංකා සංගීත ජයක්

2025 ජනවාරි මස 23 ප.ව. 11:02 - {{hitsCtrl.values.hits}}  

මහරගම ධර්මාශෝක විද්‍යාලයේ පැවැති සමස්ත ලංකා සංගීත තරගාවලියේ 9, 10, 11 පන්ති කාණ්ඩයේ ජ්‍යෙෂ්ඨ ශාස්ත්‍රීය තබ්ලා වාදන තරගයෙන් ප්‍රථම ස්ථානයත්, විවෘත තබ්ලා වාදන තරගයෙන් තුන්වැනි ස්ථානයත් දිනා ගැනීමට අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ල මහා විද්‍යාලයේ එස්.පී.සන්තුෂ්ක ප්‍රවීන් නිම්සර සිසුවා සමත් විය.
ඡායාරෑපයේ වමේ සිට විද්‍යාලයේ විදුහල්පති උපාලි දයාවංශ මහතා, සංගීතාචාර්ය සුසන්ත ලාල් ජයතිලක මහතා, සන්තුෂ්ක ප්‍රවීන් සිසුවා, නියෝජ්‍ය විදුහල්පති ඩබ්.එම්.එන්.එස්.මාරසිංහ මහතා ද වෙති.
සන්තුෂ්ක ප්‍රවීන් සිසුවා මීට පෙර වසර කීපයකදීම සමස්ත ලංකා තබ්ලා වාදන ප්‍රථම ස්ථාන ලබාගත් බව ඔහුගේ සංගීතාචාර්ය සුසන්ත ලාල් මහතා පැවසුවේය.


(යක්විල ජයන්ත ඒකනායක)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...