අහුන්ගල්ල සිරි සීලානන්ද දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය දා

2025 අප්‍රේල් මස 20 ප.ව. 04:56 - {{hitsCtrl.values.hits}}  

පරිගණක විද්‍යාව හරි හැටි ඉගෙන ගත්තොත් ඉහළටම යා හැකියි. එහෙත් ගුණගරැක මිනිසෙක් වීමට නම් දහම් අධ්‍යාපනය ලබාගත යුතු යැයි ශ්‍රී ලංකා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික විද්‍යා කථිකාචාර්ය පී. රවීන්ද්‍ර ද සිල්වා මහතා පැවසීය.
අහුන්ගල්ල කැකිරිවත්ත ශ්‍රී විජයාරාම විහාරස්ථ සිරි සීලානන්ද දහම් පාසලේ වාර්ෂික ත්‍යාග සහතික පත් හා නිල ඇඳුම් ප්‍රදානය කිරීම නිමිත්තෙන් අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති උත්සවයක් අමතමින් ඒ මහතා එසේ කීය.
එම දහම් පාසලේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා තව දුරටත් කතා කරමින් ඉංග්‍රිසි ජාත්‍යන්තර භාෂාවක් හැටියට කවුරැත් ඉගෙන ගන්නවානම් රුකියා හිඟය
ක් නැතැයි ද කීවේය.
බළපිටිය උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී රැහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය බ්‍රාහ්මණවත්තේ විමලවාස, ගාලු දිසාවේ ප්‍රධාන සංඝනායක අහුන්ගල්ලේ සීවත හිමිවරැ ද, ප්‍රවීණ දේශක අහුන්ගල්ලේ දේ. සු. ද සොයිසා, උප ප්‍රධානාචාර්ය සිරිපාල සේනානායක යන මහත්වරැද, පබසර සේනානායක ශිෂ්‍යයා ද මෙහිදී කතා කළ
හ.
 

m-5-1 m-5-2 m-5-3 m-5-4

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...