2025 අප්‍රේල් මස 19 ප.ව. 09:28 - {{hitsCtrl.values.hits}}
මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ දැක්මකට අනුව විජය ළමා පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වන අරැණැල්ලක ප්‍රභාස්වර පරිසර හා චාර්යා සංවර්ධනය නායකත්ව තෙදින කඳවුරැ මාලාවේ හාරසීය වැනි කඳවුර සහ සැමරැම් වැඩසටහන පන්නිපිටිය නැගෙනහිර ඇරුව්වල ධර්මපාල මහා විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි.
මෙහිදී මෙම කඳවුරැ මාලාවට දායකත්වය සැපයූ පුද්ගලයන් රුසකට සම්මාන පිරිනැමීම ද සිදුවීය.
මෙම අවස්ථාවට මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන එහි උප සභාපති අරැණ ගුණසේකර, සමාජ විශේෂඥ නිමල් ප්‍රේමතිලක, විජය ළමා පුවත්පතේ කර්තෘ දුමින්ද සංජීව බාලසූරිය, විද්‍යාලයේ විදුහල්පතිනි එස්.එම්.ජී.කේ.සෙනවිරත්න යන මහත්ම මහත්මීහූ ඇතුළු රුසක් සහභාගි වූහ.
මෙවර කඳවුර සඳහා ද දරැ දැරියෝ 70 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වූහ. ප්‍රවීණ ජනමාධ්‍යවේදී නායකත්ව පුහුණු උපදේශක ජයසිරි කාරියවසම් මහතා විසින් මෙවර කඳවුර මෙහෙයවීය.
(රැෂිරැ තරංග)
![]() |
diary Read more... |