2025 අප්‍රේල් මස 20 ප.ව. 06:09 - {{hitsCtrl.values.hits}}
රත්නපුර ඇලෝසියස් විද්‍යාලය ප්‍රථම වරට සංවිධානය කළ ‘සංජනනි‘ මාධ්‍ය අධ්‍යාපන උළෙල අද විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණ. උත්සවයට සමගාමීව මාධ්‍ය අධ්‍යාපනය පිළිබිඹු වන ප්‍රදර්ශන කුටි ගණනාවක් ද පැවැත්විණ. කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල හා ජනසංනිවේදන අංශයේ මහාචාර්ය කමල් වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ මාධ්‍ය අධ්‍යාපන ව්‍යාපෘති හිටපු ප්‍රධානි බන්දුල පී දයාරත්න, මාධ්‍ය අධ්‍යාපන උපදේශක තිලක් සෙනෙවිරත්න සහ මාධ්‍ය වෘත්තිකයින් ගණනාවක් මේ අවස්ථාවය සහභාගී වූහ.
විදුහල්පති ඩී.එස්. රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මාධ්‍ය අංශය භාර ආචාර්ය ලලීන්ද්‍ර අමරසිංහ සහ ලේඛන අංශය භාර සුගන්ධි රණසිංහ මහත්මියගේ මෙහයවීමෙන් විද්‍යාලයේ මාධ්‍ය ඒකකය විසින් උළෙල සංවිධානය කර තිබුණි.
ඡායාරූප- රුසිරු පෙරේරා
![]() |
diary Read more... |