2025 මැයි මස 04 පෙ.ව. 05:35 - 165
2018 වර්ෂයේ සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ කනිෂ්ඨ අංශයේ ශාස්ත්‍රීය වාදන තබ්ලා තරගයේ සමස්ත ලංකා මට්ටමේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට බප/හෝ ඇස්වත්ත පණ්ඩුකාභය මහ විදුහලේ අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කවීෂා ප්‍රියංවදා සිරිරංජන ශිෂ්‍යාව සමත් වී ඇත. ශාස්ත්‍රපති දයා රණතුංග මහතා යටතේ තබ්ලා වාදනය හදාරන ඇය ගායනයට ද දස්කම් දක්වයි.
විදුහල්පතිනිය වන ආශා ලක්ෂ්මී මහත්මියගේ සහ ආචාර්ය මණ්ඩලයේ උපදෙස් මත සංගීතාචාරිනී ප්‍රමිතා පෙරේරා මහත්මියගේ මග පෙන්වීම යටතේ ඇය මෙම තරගාවලියට සහභාගි වූවාය.
![]() |
diary Read more... |