ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමෙන් ඕනෑම අයෙකුට මුළු ලෝකයම ජයගත හැකියි - නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඕ.

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:57 - {{hitsCtrl.values.hits}}  

ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමෙන් ඕනෑම අයෙකුට මුළු ලෝකයම ජයගත හැකි බැවින් සිසුන් ඉංග්‍රීසි ඉගෙන  ගැනීමට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු  යැයි  තංගල්ල අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන සංවර්ධන සහ ප්‍රාථමික විෂය බාර නියෝජ්‍ය  අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඕ.පී.ජී. නිලානි මහත්මිය පැවසුවාය.
ඇය මේ බව ප්‍රකාශ කළේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අඟුණකොළපෑලැස්ස අබේසේකරගම කනිටු විදුහලෙන් ඉදිරිපත් වී ඉන් විශිෂ්ට ලෙස  සමත් වූ සිසු සිසුවියන් ඇගයීම සඳහා  විදුහල් ශාලාවේදී පසුගියදා පැවති  උත්සවය  අමතමිනි. 
ඉංග්‍රීසි අමාරැ විෂයක් සේ සලකා එය ඉගෙන ගැනීමට මැළිකමක් දක්වනවා. සමහර සිසුන් පාසල් අධ්‍යාපනය නිමා කිරීමෙන් පසු ඉංග්‍රීසි  භාෂාවේ ඇති වටිනාකම තේරැම්ගෙන  පසුව ඉංග්‍රීසි ඉගෙන ගැනීමට පෙලෙඹෙනවා. ආශාවෙන් සහ විනෝදයෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් ඉංග්‍රීසි තරම් රසවත් විෂයක් තවත් නැහැ. සිසුන්ට රසවත් ලෙස ඉංග්‍රීසි ඉගැන්වීමට ගුරැවරයා වැඩි අවධානයක් යොමුකළ යුතුයි.
ඉංග්‍රීසි අධ්‍යාපනය කුඩා කාලයේ දී සිටම ලැබිය යුතු දෙයක්. එය අපට විදේශීය භාෂාවක් නිසා විෂයක් විදියට වඩා භාෂාවක් විදියට ඉගෙනගත යුතුයි. ඒ නිසා සිසුන් පන්ති කාමරයේ දීත් ඉන් පිටතදීත් හැකි තරම් ඉංග්‍රීසි භාෂාව භාවිත කළ යුතුයි. ඒ සඳහා සිසුන් පෙලඹවීම ගුරැවරැන්ගේ වගකීමක්.*
  මෙම අවස්ථාවට සමනලගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ආර්.ඩබ්ලිව් .පියදාස මහතාද සහභාගීවී සිටියේය.
(කසාගල- අශෝක තිලකරත්න)


 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...