2025 අප්‍රේල් මස 18 ප.ව. 09:10 - {{hitsCtrl.values.hits}}
ආසියා ශාන්තිකර කලාපයේ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය හා ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය මිට්ෂුබිසී පොදු කටයුතු කමිටුව හා එක්ව 2017 – 2018 ද්වී වර්ෂය වෙනුවෙන් සංවිධානය කෙරැණු ළමා චිත්‍ර තරගයෙන් සමස්ත ලංකා පළමු තැන දිනූ කොළඹ 07, ඩී.එස්.සේනානායක විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඩබ්.කවිරැ රේනුජ ශිෂ්‍යයා ජපානයේ යොකොහමා හි පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වී ත්‍යාග සහ සහතික පත් පසුගියදා ලබා ගත්තේය. මේ අවස්ථාවට ආසියා කලාපයේ රටවල් 24 ක ජයග්‍රාහකයෝ සහභාගී වූහ.
ඩබ්.කවිරැ රේනුජ 2016 වසරේ සමස්ත ලංකා චිත්‍ර තරගයෙන් 2 වැනි ස්ථානය ලබාගත් අතර, 2017 වසරේ කොළඹ කලාපයේ කනිෂ්ඨ අංශයෙන් තෙවැනි ස්ථානය හිමිකරගෙන ඇත. ඔහු චිත්‍ර අංශයෙන් ජයග්‍රහණ රාශියක් ලබාගත් සිසුවෙකි.
![]() |
diary Read more... |