ඉනෝවා මයින්ඩ්ස් නව නිපැයුම් තරගාවලියේ රන්පදක්කම ශ්‍රී ලංකාවට

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 05:04 - {{hitsCtrl.values.hits}}  

කොරියාවේ සෝල් නුවර පැවති ඉනෝවා මයින්ඩ්ස් (Innova Minds) 2017 ජාත්‍යන්තර නව නිපැයුම් තරගාවලියේ දී රටවල් 38 ක නව නිර්මාණ අතරින් රන් පදක්කම ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයේ ඉගෙනුම ලබන එස්.ඒ.මනුෂ කෝසල සිසුවාගේ නායකත්වයෙන් යුත් මෙරට සිසුන් සිව් දෙනෙකුට හිමිව ඇත.
මෙම ජාත්‍යන්තර තරගය සඳහා ඔවුන් කැළිකසළවලින් ගඩොල් නිපදවිය හැකි යන්ත්‍රයක ආකෘතියක් ඉදිරිපත් කර තිබුණි. මනුෂ කෝසල සිසුවා නව නිපැයුම් කරැවන්ගේ කොමිසම මගින් පවත්වනු ලැබූ 2017 සහසක් නිපැයුම් තරගාවලියට පරිසර හිතකාමී සහ ලාභදායී ජල පෙරණයක් ඉදිරිපත් කර තිබුණි. එම නිර්මාණය හොඳම නිර්මාණ 7 අතරට තේරී පත්වීම නිසා එම ජාත්‍යන්තර තරගයට ඉදිරිපත් වීමට ඔහු ඇතුළු මෙරට සිසුන් සිව් දෙනෙකුට අවස්ථාව උදාවී තිබුණි.
ඉවත දමන ලද තීන්ත බාස්කට් එකක්, කුඩා ෆෑන් එකක් සවිකළ මෝටරයක්, පරිගණකයකින් ෆෑන් එකක්, ජල කරාමයක්, පොල්කටු අඟුරැ, ගඟේ වැලි සහ මුහුදු වැලි යොදාගෙන රැපියල් 750.00 ක පමණ මුදලකින් මෙම ජල පෙරණය නිර්මාණය කර ඇත. එමගින් ජලයේ දියවී ඇති ක්ලෝරීන් ඇතුළු සියලු රසායනික ද්‍රව්‍ය සහ ආසනික්, කැඩ්මියම් ආදි අහිතකර බැරලෝහ ඉවත් කර 98෴ ක් පිරිසුදු ජලය ලබාගත හැක. මෙම ජල පෙරණයට කෝසල සිසුවා පේටන්ට් බලපත්‍රයක් ද ලබාගෙන ඇත.
(රත්ගම ගාමිණී මහදුර)


 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...