ඌව පළාත් අ.පො.ස. උ.පෙළ විශිෂ්ටයන් ඇගයේ

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:39 - {{hitsCtrl.values.hits}}  

 අ.පො.ස උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ ඌව පළාතේ පාසල්වල සිසු සිසුවියන් ඇගයීමේ උත්සවයක්  ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ එම්.පී. ජයසිංහ මහතාගේ හා ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල සයිමන් පීරිස් ශ්‍රවණාගාරයේදී  පසුගියදා පැවැත්වුණි.
මෙහිදී  2017  උසස්පෙළ විභාගයේ දී ඒ සමාර්ථ තුනක් ලබාගත් සිසු සිසුවියන් 465 දෙනෙකු හා එම පාසල්වල විදුහල්පතිවරැන් ද විශේෂ ඇගයීමකට ලක්විය.
  මෙම අවස්ථාවට ඌව පළාත් සභාවේ විපක්ෂ නායක ර.මු රත්නායක , අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වෙල, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්. එම්. පී. රත්නායක ඇතුළු නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.
සිසු සිසුවියන් හා විදුහල්පතිවරැන් වෙත සම්මාන පිරිනැමීම ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ එම්.පී. ජයසිංහ මහතාගේ හා ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය .
උත්සවයේ අවස්ථා කීපයක් මෙහි දැක්වේ.
(වියලුව වාර්තාකරැ නිශාන්ත කුමාර)


 
 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...