කපුලියද්ද මහ විදුහලේ විද්‍යා වැඩමුළුවදා

2025 ජනවාරි මස 23 ප.ව. 10:58 - {{hitsCtrl.values.hits}}  

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත සිසු දරැවන් 280 ක් සඳහා විද්‍යා විෂය ප්‍රායෝගික පරීක්ෂණ ඇතුළත් දෙදින වැඩමුළුවක් කපුලියද්ද මහ විදුහල් පරිශ්‍රයේ දී පසුගියදා පැවැත්වුණි. මහනුවර කලාප කාර්යාලයේ විද්‍යා අංශයේ සංවිධායකත්වයෙන් පාත හේවාහැට අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් රුසක සිසුහු මෙම වැඩමුළුවට සහභාගි වූහ.
කපුලියද්ද මහ විදුහලේ විදුහල්පති ටී.ජී.ඩබ්ලිව්.බණ්ඩාර මහතා වැඩමුළුවේ සම්බන්ධීකරණය සිදුකළ අතර මහනුවර අධ්‍යාපන කලාපයේ විද්‍යා ගුරැ උපදේශක කණ්ඩායම හා විද්‍යා ගුරැ මහත්ම මහත්මීන් දොළොස් දෙනෙකුගේ සම්පත් දායකත්වය මෙම වැඩමුළුවට ලැබුණි.


(දුමිදු වනිගරත්න)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...