කරදගොඩ ප්‍රාථමික විදුහලේ ශිෂ්‍යනායක නායිකාවෝ නිලලාංඡන පලඳිති

2025 ජනවාරි මස 23 ප.ව. 11:02 - {{hitsCtrl.values.hits}}  

බේරැවල කරදගොඩ ප්‍රාථමික විදුහලේ ශිෂ්‍යනායක නායිකාවන්ට ලාංඡන පැලඳවීම එම විද්‍යාලයීය ශ්‍රී නරේන්ද්‍රසිංහ වීරපරාක්‍රම රංග ශාලාවේ දී සිදුකෙරිණි. එහිදී ශිෂ්‍ය නායක ප්‍රතිඥා කියවා දිවුරැම් දී මවුපිය ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරැව ශිෂ්‍ය නායක නායිකාවන් 24 දෙනකුට ලාංඡන පැලඳවීම සිදු කෙරැණි.
මේ අවස්ථාවට බේරැවල පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිලන්ත කුමාර මහතා, විදුහල්පති  ටී.ඊ.එච්. රැබේරැ ,නියෝජ්‍ය විදුහල්පති ජී.එච්. සෝමසිරි යන මහත්වරැ ද , ප්‍රාථමික අංශ ප්‍රධානි සිරානි සිල්වා මහත්මියද සහභාගි වූහ.
බේරැවල පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත සිල්වා මහතා පසිඳු සත්සර ශිෂ්‍යයාට ශිෂ්‍ය නායක ලාංඡනය පැලැඳවූ අවස්ථාව. බේරැවල පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂිකා ධනුෂ්කා මධුවන්ති මහත්මිය ශෙහානි ශෂිකලා ශිෂ්‍යාවට ශිෂ්‍යනායක නිල ලාංඡනය පැලඳ වූ අවස්ථාව.


(අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...