කරන්දෙණිය සිරි පියතිස්ස දහම් පාසලෙන් සද්කාර්යයක්

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 11:26 - {{hitsCtrl.values.hits}}  

අනෙක් දහම් පාසල්වලටත් මහඟු ආදර්ශයක් දෙමින් කරන්දෙණිය උණගස්වෙල සිරිනිකේතනාරාමස්ථ  සිරි පියතිස්ස දහම් පාසල මගින් තෝරාගත් සිසු සිසුවියන් පිරිසකට නව පාසල් වාරයට අවශ්‍ය පොත් පත් හා අනෙකුත් පාසල් උපකරණ ප්‍රදානය කිරීම පසුගියදා සිදුකෙරිණි.
සිරි පියතිස්ස දහම් පාසල් ප්‍රධානාචාර්යහ පිටිගල ධම්ම විනීත හිමියන්ගේ අදහසකට අනුව පියතිස්ස දහම් දරැ දැරියෝ මේ සද්කාර්යයේ නියැළුණහ.
සිය දහම් පාසල් 18 වැනි සංවත්සරය නිමිත්තෙන් ආරම්භ කරන ලද මේ සද්කාර්යය මින්පසු දිගටම කරගෙන යන බව ප්‍රධානාචාර්ය පිටිගල ධම්ම විනීත හිමියෝ පැවසූහ.
(කරන්දෙනිය - එම්. සුසිල් ප්‍රියන්ත)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...