2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:54 - {{hitsCtrl.values.hits}}
පොසොන් පොහොය නිමිත්තෙන් කලටුවාවත්ත පුරාණ විහාරස්ථ සිරි සීලවිමල දහම්පාසලේ සිසු සිසුවියන්ගේ සැදැහැ ගී දහර බොදු ගී ප්‍රසංගය කලටුවාවත්ත පුරාණ විහාරස්ථානයේ දී පසුගියදා පැවැත්වුණි.
දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා මවුපියන්ද ඉදිරිපත් කළ ගීතද ප්‍රසංගයට ඇතුළත්ව තිබිණි. දහම්පාසලේ ප්‍රධානාචාර්ය බෝමුගම්මන සරණසිරි හිමියන්ගේ උපදෙස් මත මෙම ගී ප්‍රසංගය සංවිධානය කෙරිණි. විශාරද නාලක මන්තිලක මහතා ඇතුළු වාද්‍ය වෘන්දය මගින් ප්‍රසංගය සංගීතවත් කෙරිණි.
මෙම අවස්ථාවට කලටුවාවත්ත පුරාණ විහාරාධිපති හා දහම්පාසලේ නිර්මාතෘ පෝරේ සුමනසිරි නාහිමි,යටියන ඤාණාවාස අනුනාහිමි, මුල්ලේරියාවේ සුභූති නාහිමි ඇතුළු මහා සංඝරත්නයද, අතිරේක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා (ශ්‍රි ජයවර්ධනපුර) යමුනා මහානාම මහත්මියද ,මවුපියෝ,සිසු සිසුවියෝ, ආචාර්ය මණ්ඩලය ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් ද සහභාගි වූහ.
(සටහන - රැෂිරැ තරංග)
![]() |
diary Read more... |