කහටාන කනිෂ්ඨ විදුහලේ නායකත්ව පුහුණු කඳවුර

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 06:04 - {{hitsCtrl.values.hits}}  

විජය ළමා පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් බස්නාහිර පළාත් මහ නගර සංවර්ධන අමාත්‍යාංශයේ දායකත්වයෙන් සංවිධානය කෙරෙන අරැණැල්ලක ප්‍රභාස්වර පරිසර හා චර්යා සංවර්ධන තෙදින කඳවුරැ මාලාවේ තවත් එක් කඳවුරක් කැලණිය කහටාන කනිෂ්ඨ විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි. මෙවර කඳවුරට ද ශිෂ්‍යනායක නායිකාවෝ 80 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූහ. 
මෙම අවස්ථාවට මහ නගර සභා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජයවිලාල් ප්‍රනාන්දු, සමාජ විශේෂඥ නිමල් ප්‍රේමතිලක, විදුහලේ විදුහල්පති පී.ඩී.රොෂාන් වික්‍රම යන මහත්ම මහත්මීහු රුසක් සහභාගී වූහ.
මෙවර කඳවුර නායකත්ව පුහුණු උපදේශක ජයසිරි කාරියවසම් මහතා විසින් මෙහෙයවන ලදී. මෙවැනි කඳවුරක් ඔබගේ පාසලටත් ලබා ගැනීමට අවශ්‍ය නම් විජය පුවත්පතින් විමසා තොරතුරැ දැනගත හැකිය.


(රැෂිරැ තරංග)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...