කළුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ විදුහලට වසර 80 ක් සපිරෙයි

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 10:12 - {{hitsCtrl.values.hits}}  

කළුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ මහා විද්‍යාලයට වසර 80 ක් පිරීම නිමිත්තෙන් &68* කණ්ඩායමේ ආදි සිසුන් විසින් සකස් කළ සමරැ කලාපයක් විදුහලේ ආදි සිසුන් වන ආචාර්ය ක්‍රිස්පින් ලියෝ පියතුමන්ට සහ පීටර් සන්දනම් මහතාට පිළිගැන්වීම විදුහල් ශාලාවේ දී පසුගියදා සිදු කෙරැණි.
ප්‍රධාන ආරාධිත අමුත්තන් දෙපල ආදි සිසුන් විසින් පිළිගැනීමෙන් අනතුරැව විදුහලේ වත්මන් තූර්ය වාදක කණ්ඩායම ඔවුන් ප්‍රධාන වේදිකාවට කැඳවාගෙන ඒම සිදු කෙරැණි. අනතුරැව ප්‍රධාන ආරාධිත අමුත්තන්ට සමරැ කලාපය පිළිගැන්වීම සිදු කෙරැණි.
පාසල් සිසුන් ඉදිරිපත් කළ නර්තනයෙන් උත්සවය වර්ණවත් විය.
එම අවස්ථාවට ධර්මදූත කලාපීය නාහිමි සදම් ක්වින්ටන් පෙරේරා පියතුමා ද, හංවැල්ල මීසම් පාලක ඇන්ටන් රංජිත් පියතුමන් ද, ආචාර්ය ලියෝ ක්‍රිස්පින් පියතුමා ද, පීටර් සන්දනම් මහතා සහ විදුහල්පති කේ. බී. තෙරේසා මහත්මිය ද &60* දශකයේ ආදි සිසුහු ද, පාසල් සිසුහු ද සහභාගි වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...