කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකාවේ රැමේශිකාට උපහාර

2025 අප්‍රේල් මස 20 ප.ව. 03:46 - {{hitsCtrl.values.hits}}  

ඉන්දියාවේ පැවැත්වුණු 22 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියෙන් මීටර් 200 ධාවන තරගයේ ජයග්‍රහණය ලබා ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් රුගෙන පැමිණි කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විදුහලේ රැමේශිකා රත්නායක ශිෂ්‍යාව මහත් හරසරින් පිළිගැනීම පසුගියදා සිදුවිණි. එම ඇගයීම සූදානම් කරන ලද්දේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගිනි.
කෑගල්ල දිසාපතිවරයා ප්‍රධානව අමාත්‍යවරැ රුසකගේ සහභාගීත්වයෙන් කෑගල්ල නගරයේ සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ආචාර පෙළපාළියකින් කැඳවාගෙන ගොස් ඇයට සමරැ තිළිණ ප්‍රදානය කර උපහාර දැක්වුණි.
මාවනැල්ල උස්සාපිටිය ප්‍රදේශයේ උපත ලබා ඇති රැමේශිකා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ උස්සාපිටිය බෝධිරාජ විදුහල, උස්සාපිටිය රිවිසඳ මධ්‍ය මහා විද්‍යාලය යන පාසල්වලිනි.
ඇයගේ අනාගත ඉලක්කය ලෙස අපට ප්‍රකාශ කළේ ඉදිරියේ දී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උලෙළ හා පොදුරාජ්‍ය මාණ්ඩලයීය ක්‍රීඩා උලෙළ ජයග්‍රහණය කර රන් පදක්කමක් රටට රුගෙන ඒම බවය.
(කෑගල්ල - කපිල නන්දලාල්)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...