කිතලහිටියාව විදුහලට කාර්යාල හා අධ්‍යාපන උපකරණ ප්‍රදානයක්

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:30 - {{hitsCtrl.values.hits}}  

යක්විල කිතලහිටියාව විද්‍යාලයට කාර්යාල උපකරණ හා අධ්‍යාපනික උපකරණ ප්‍රදානයක් එම විද්‍යාලයේ දී පසුගියදා සිදුවිය. ඇසට් ලයින් ලීසිං සමාගමේ කුලියාපිටිය ශාඛා කාර්යාලය මගින් සිදුකළ මෙම ප්‍රදානයේ වටිනාකම ලක්ෂ එක හමාරක් පමණ විය.
එම ආයතනයේ කලාප මෙහෙයුම් කළමනාකරැ සුරේෂ් දයාරත්න ප්‍රාදේශීය කළමනාකරැ අසංක වික්‍රමරත්න සහ එම ශාඛාවේ රැවන් දිල්ෂාන් යන මහත්වරැ විද්‍යාලයේ විදුහල්පති එම්. ඒ. ප්‍රේමරත්න මහතා වෙත එම උපකරණ බාර දුන්හ.
විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ පිරිසක් හා සිසු දරැ දැරියෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
(යක්විල ජයන්ත ඒකනායක)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...