කිතුල්ගොඩ කනිෂ්ඨ විද්‍යාලයට සිසු නායක නායිකාවෝ පත්වෙති

2025 ජනවාරි මස 23 ප.ව. 06:50 - {{hitsCtrl.values.hits}}  

අගලවත්ත කිතුල්ගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීම අගලවත්ත කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා අනුෂ්කා කම්කානම්ගේ පහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයේ දී ඉකුත්දා පැවැත්වුණි.
මෙහිදී එච්.එම් චාමර ප්‍රසාද් සිසුවා සහ ඩී.ඊ. රෝෂනි සාරංගා සිසුවිය ප්‍රධාන ශිෂ්‍ය නායක හා නායිකාව ලෙස නිල ලාංඡන පැලඳී අතර ඊ.පී තනුජ දිල්හාන් සිසුවා සහ කේ. එස්. සංජානා වීරසේකර සිසුවිය උප ප්‍රධාන ශිෂ්‍ය නායක හා නායිකාව ලෙස නිල ලාංඡන පැලඳුහ. 
වෛද්‍ය කසුන් රාජපක්ෂ මහතා සහ අවට විද්‍යාලවල විදුහල්පතිවරැන් ඇතුළු ආරාධිත අමුත්තෝ රුසක් මේ අවස්ථාවට එක්වූහ. විදුහල්පති සිසිර කුමාර විතානගේ මහතාගේ උපදෙස් මත ගුරැමණ්ඩලය සහ මවුපියෝ උත්සවය සංවිධානය කළහ.


(සුමති කුඩලිගම)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...