කියවීමේ මාසය නිමිති කරගත් චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන්ට තෑගි

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:54 - {{hitsCtrl.values.hits}}  

2017 ජාතික කියවීමේ මාසය වෙනුවෙන් නිමිති කරගනිමින් හික්කඩුව නගර සභාව සහ මහජන පුස්තකාල පාඨක සමාජය මගින් නගර සභා බල ප්‍රදේශයේ පාසල් සිසුන් අතර පන්සල, පුස්තකාලය හා පරිසරය තේමා කරගනිමින් පැවැති චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන්ට සහතික පත් ප්‍රදානය කිරීම හික්කඩුව මහජන පුස්තකාල ගොඩනැගිල්ලේ දී පසුගිය දා පැවැත්වුණි.
මෙහිදී ජයග්‍රාහකයන් තිස් දෙනෙකුට සහතික පත් ප්‍රදානය කෙරිණ.
පුස්තකාල පාඨක සමාජයේ අනුශාසක හික්කඩුවේ ගුණරතන හිමියන් ද පුස්තකාල පාඨක සමාජයේ උප සභාපති උපසේන කංකානම්ගේ, ලේකම් තිලකසිරි, පුස්තකාලාධිපති පුෂ්පා ජයසේකර, විශ්‍රාමලත් පාඨශාලාචාරි සීතා අලහකෝන්, චිත්‍ර ගුරැඋපදේශක සී. ආර්. යාපා යන මහත්ම මහත්මීහුද සහ නගර සභාවේ ප්‍රජා සංවර්ධන වත්සලා ලියනගේ මෙනවිය ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
(හික්කඩුව විශේෂ අමරසේන විතානගේ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...