කිරිඇල්ල පොලිසියෙන් රිය නියාමක සිසුන් පුහුණු කිරීමේ වැඩසටහනක්

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 10:02 - {{hitsCtrl.values.hits}}  

රිය නියාමක සිසුන් පුහුණු කිරීමේ වැඩසටහනක් කිරිඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්. ඇම්. සුදත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් කිරිඇල්ල පොලිස් ස්ථානයේ දී සිදුවිය.
මේ සඳහා කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලය සහ එපිටවල විද්‍යාලය, කරඳන ජිනරතන විද්‍යාලය, ගලතුර විද්‍යාලය, මාටුවාගල විද්‍යාලවල සිසුහු සහභාගි වූහ. සිසුන් දැනුම්වත් කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ උපදේශකවරයකු වන නන්දන වගආරච්චි මහතා සිදුකළ අතර රිය නියාමක ඇඳුම් කට්ටල පිරිනැමීම කිරිඇල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිහාල් ප්‍රේමරත්න මහතා විසින් සිදුකළ අවස්ථාවයි මේ.
(කිරිඇල්ල තිස්ස පාදුක්කගේ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...