කිරිඳිවැල මධ්‍ය විද්‍යාලයට කථික ජයක්

2024 දෙසැම්බර් මස 23 ප.ව. 06:55 - {{hitsCtrl.values.hits}}  

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කිරිඳිවැල ශාඛාව සංවිධානය කළ මහර හා දොම්පේ අධ්‍යාපන කොට්ඨාසවල අන්තර් පාසල් කථික තරගාවලියේ ශූරතාව ලකුණු 261 ලබාගත් කිරිඳිවැල මධ්‍ය විද්‍යාලය හිමිකරගත්තේය. පාසල් අටක ශිෂ්‍ය කණ්ඩායම් අටක් සහභාගී වු මෙම තරගාවලියේ අනුශූරතාව ලකුණු 256ක් ලබාගත් හේනේගම මධ්‍ය විද්‍යාලයට හිමිවිය. කිරිඳිවැල එම බැංකු පරිශ්‍රයේදී මෙම අවසන් තරග පැවැත්වුණි.
 එම අවස්ථාවට කිරිදිවැල මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති කිත්සිරි රණසිංහ, හේනේගම මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති විජය සත්‍යජිත් කුලරත්න , ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහකාර සාමාන්‍ය අධිකාරී ටිරෝන් ගෝමස් , කිරිඳිවැල ශාඛා කළමනාකරැ චන්ද්‍රසේන මහතා  ඇතුළු කාර්ය මණ්ඩලයද මෙම අවස්ථාවට සහභාගී වූහ.
 තරගාවලියේ විනිසුරැවරැන් වශයෙන්  කැලණිය විශ්වවිද්‍යාලයේ තිවංක රන්දුල පොද්දලගේ, චමිල කරැණාරත්න,කීර්ති පැස්කුවල් යන කථිකාචාර්යවරැ කටයුතු කළහ.
(කිරිදිවැල - උපාලි රණවීර)

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...