කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයෙන් සිත්රූ

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 06:18 - {{hitsCtrl.values.hits}}  

කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයේ චිත්‍ර විෂය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කුසලතා එළි දැක්විම, දිරිමත් කිරීම මෙන්ම ඇගයීමට ලක්කිරීම අරමුණු කොට ගෙන ‘සිත් රෑ’ චිත්‍ර ප්‍රදර්ශනය පසුගියදා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙම චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කරමින් විදුහල්පති කිත්සිරි රණසිංහ මහතා කියා සිටියේ මෙවැනි චිත්‍ර ප්‍රදර්ශනයක් සැම වසරකම පැවැත්විමට කටයුතු කරන බවයි. 
ඒ අනුව එම චිත්‍ර දැක්මේ ප්‍රථම අදියර වශයෙන් 6 වසරේ සිට 13 වැනි වසර දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නිර්මාණ මෙදින එළි දක්වන ලදී. මෙම උත්සවයේ ආරාධිත අමුත්තා වශයෙන් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි ගුණරත්න මහතා සහභාගි විය. ත්‍යාග සහ සහතික ප්‍රදානය ඒ මහතා අතින් සිදු විය. 


(කිරිදිවැල - උපාලි රණවීර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...