කුඹල්ඔළුව කනිෂ්ඨයේ වාර්ෂික ත්‍යාග උලෙළ

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:52 - {{hitsCtrl.values.hits}}  

කු/කුඹල්ඔළුව කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරැ දැරියන්ගේ දක්ෂතා අගය කරමින් වාර්ෂිකව පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණි.
මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යංශයේ විශ්‍රාමලත් සහකාර ලේකම් සෙනරත් ලීනියගොල්ල, නීතිඥ දමයන්ති ලීනියගොල්ල, සණස බැංකුව පනලිය ශාඛා සභාපතිතුමා, ව්‍යාපාරික රැවන් වික්‍රමසිංහ, චාරැක එන්ටර්ප්‍රයිසස් අධිපති අජිත් අර්ජුන යන මහත්ම මහත්මීහු ඇතුළු ආරාධිත පිරිසක් සහභාගී වූහ.
මෙම උත්සවය විදුහලේ විදුහල්පති වන ඩබ්ලිව්. එම්.එල්. වික්‍රමනායක මහතාගේ මග පෙන්වීම යටතේ විදුහලේ ආචාර්ය මණ්ඩලය සහ මවුපියන් විසින් සංවිධානය කරන ලදී.
(කුලියාපිටිය චාමර විමලරත්න)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...