කුරැණෑගල මලියදේව බාලිකාවේ ලක්නා සංගීත් ප්‍රවීන් සම්මානය දිනයි

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:57 - {{hitsCtrl.values.hits}}  

2017 සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ විවෘත අංශයේ ඒකල එස්රාජ් වාදන තරගයෙන් සංගීත් ප්‍රවීන් සම්මානයද සමග ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට කුරැණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ 12 ශ්‍රේණිය කලා අංශයේ අධ්‍යාපනය ලබන ඊ.එම්. ලක්නා නෙත්මිණි ඒකනායක සිසුවිය සමත්වූවාය.
මීපේ සෞන්දර්ය නායකත්ව පුහුණු මධ්‍යස්ථානයේදී එම සම්මාන උලෙළ පැවැත්වුණි. 2015 වසරේදීද ඇය සංගීත් ප්‍රවීන් සම්මානය හිමිකර ගැනීමට සමත් වූවාය. ඒ විවෘත අංශයේ ඒකළ රාගධාරි දිල්රැබා වාදන තරගයේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගනිමිනි. මෙම තරගාවලියේ විශිෂ්ට කුසලතා දක්වමින් සමස්ත ලංකා ප්‍රථම ස්ථාන හිමි කර ගන්නා සිසු සිසුවියන් සඳහා සංගීත් ප්‍රවීන් සම්මානය ප්‍රදානය කෙරේ.
 ලක්නා නෙත්මිණි මේ වන විට මෙම තරගාවලියේ ප්‍රථම ස්ථාන තුනක් හිමි කර ගෙනඇති අතර ඇය 10 වසරේදී ඉන්දියාවේ භාත්කණ්ඩ විශ්ව විද්‍යාලයට අනුබද්ධව එස්රාජ් වාද්‍ය විශාරද උපාධියද සම්පූර්ණ කර තිබේ.
විද්‍යාලයේ සංගීත ආචාරිනී චන්ද්‍රලතා ගිංතොට, විදුහල්පතිනි සෝමා රත්නායක මහත්මීන් මෙන්ම විශාරද මදුසංක විජේකෝන්, විශාරද නිශාද් හඳුන්පතිරණ, සංගීත ආචාර්ය සරත් ජයසිංහ යන මහත්වරැන්ද මෙම ජයග්‍රහණ හිමි කර ගැනීමේදී ලබා දුන් දායකත්වය අගය කරන බව ලක්නා නෙත්මිණි සඳහන් කරයි.
 (යාපහුව  සුනිල් කහගල්ල)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...