කුලියාපිටිය ලංකා බැංකු විශ්‍රාමික සංගමයෙන් පන්නව ප්‍රාථමික විදුහලේ සිසුන්ට පාසල් උපකරණ

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:33 - {{hitsCtrl.values.hits}}  

ලංකා බැංකු විශ්‍රාමික සංගමයේ කුලියාපිටිය කලාප සංගමයේ සාමාජික සාමාජිකාෙවා් පිරිසක් කොබෙයිගනේ අධ්‍යාපන කොට්ඨාසයේ දුෂ්කර ප්‍රාථමික විද්‍යාලයක් වන පන්නව ප්‍රාථමික විද්‍යාලයට පසුගිය දා නෑගම් පැමිණියහ. ඔවුන් එම  විදුහල වෙත පැමිණියේ පාසලේ දරැවන්ට කියවීම සඳහා වටිනා ළමා පොත් තොගයක් හා පාසලේ සියලුම සිසුන්ට අභ්‍යාස පොත් හා පාසල් උපකරණ තොගයක්ද රුගෙනය. එම සංගමයේ ලේකම් විශ්‍රාමික කලාපීය සාමාන්‍යාධිකාරී මයිකල් සේනාරත්න මහතා විසින් පන්නව ප්‍රාථමික සිංහල විද්‍යාලයේ විදුහල්පති ජී.කේ. ජයසේන කන්දර මහතා වෙත ළමා පොත් තොගය භාර දුන් අතර සිසු සිසුවියන් සඳහා අභ්‍යාස පොත් බෙදා දීම එදින පැමිණි එම සංගමයේ අනෙකුත් සාමාජික සාමාජිකාවන් අතින් සිදු කෙරිණි.
(කොබෙයිගනේ  -  නිමල් ප්‍රේමචන්ද්‍ර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...