කුලියාපිටිය ප්‍රින්සස් ජාත්‍යන්තර පාසලට සාහිත්‍ය ජයග්‍රහණ දෙකක්

2025 මාර්තු මස 31 ප.ව. 07:02 - {{hitsCtrl.values.hits}}  

වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් වයඹ ජාත්‍යන්තර පාසල් අතර පැවැති ළමා සාහිත්‍ය නිර්මාණ විවෘත තරගයේ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ තරගවලින් ප්‍රථම ස්ථානය හා දෙවැනි ස්ථානය කුලියාපිටිය ප්‍රින්සස් ජාත්‍යන්තර පාසල විසින් දිනාගනු ලැබ ඇත. මෙම තරගාවලියේ කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ අංශවලින් කෙටිකතා ප්‍රථම ස්ථාන හා දෙවැනි ස්ථානය ලබාගෙන ඇති අතර කථික තරගයේදී කනිෂ්ඨ අංශයේ දෙවැනි ස්ථානය හා ආදර්ශ පාඨ සැකසීමේ තරගයෙන් ප්‍රථම ස්ථානය ද කෙටි නාට්‍ය කනිෂ්ඨ අංශයේ තරගයේදී ප්‍රථම ස්ථානය ද දිනාගෙන ඇත. මෙම තරගවලට ඉදිරිපත් වී ජයග්‍රහණය ලැබූ සිසු සිසුවියන් කුලියාපිටිය ප්‍රින්සස් ජාත්‍යන්තර පාසලේ විදුහල්පති එච්.ආර්.ටී.පෙරේරා මහතා හා නාට්‍ය උපදේශිකා එම්.අයි.මධුවන්ති මහත්මිය සමග එම විදුහල් භූමියේදී සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.


(කටුගම්පළ - රොසයිරෝ කරැණාරත්න)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...