ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ගිහාන්ගෙන් කිලෝමීටර් 20 ක් දුර යැවිය හැකි රොකට්ටුවක්

2025 අප්‍රේල් මස 18 ප.ව. 09:04 - {{hitsCtrl.values.hits}}  

  ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ උසස් පෙළ හදාරන සිසුවෙකු විසින්  ගූවන් ගතකළහැකි පළමු රොකට්ටුව නිර්මාණය කරමින්  ජනපතිවරයාගේද ඇගැයීමටද ලක්විය.
  එල්.එච්.ගිහාන් හෙට්ටිආරච්චි සිසුවා විසින් නිර්මාණය කර ඇති කිලෝ මීටර් 20 ක දුරකට යැවිය හැකි මෙම රොකට්ටුව ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සැමරැම් උත්සවයට සමගාමීව පැවති ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබිණි.
  මෙම රොකට්ටුවට  පැයට කිලෝ මීටර් 750 ක වේගයකින් ගමන් කළ හැකියි. අඩි 20 ක උසින් සහ 
කිලෝග්‍රෑම් 25 ක බරකින් යුක්තය. මේ සඳහා අන්තර් ජාලය ඔස්සේ තාක්ෂණික දැනුම ලබා ගත් බව පැවසූ ගිහාන් සිසුවා මෙය නිර්මාණය කිරීමට මාස දෙකක කාලයක් ගත වූ බවද පැවසීය. මෙම රොකට්ටුව නිෂ්පාදනය කිරීමට රැපියල් 50 000 ක පමණ මුදලක් වැයකර ඇත. මෙය ගූවන්ගත කර කිලෝමීටර් 20 ක දුරක් යැවීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය යෙදීමට රැපියල් ලක්ෂ නවයක් පමණ මුදලක් වැයවෙන බව පැවසේ.
මෙය නිර්මාණය කිරීමේදී බණ්ඩාරනායක විද්‍යාලයේ ජෛව පද්ධති තාක්ෂණ විෂය භාර ආචාර්ය රවීන්ද්‍ර දිවුල්වැව මහතාගේ මග පෙන්වීම මහත් අගය කර සිටි ඔහු  ශ්‍රී ලංකා ගූවන් හමුදාවෙහි අවසරය ලබා ගැනීමෙන් පසුව මෙම රොකට්ටුව කල්පිටිය ගූවන් හමුදා කඳවුරේදී ගූවන්ගත කරනට අපේක්ෂාවෙන් සිටින බවත්  පැවසුවේය.


(ගම්පහ තිලකරත්න දිසානායක)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...