ගල්කිස්ස සිරි සුමනජෝති දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 05:06 - {{hitsCtrl.values.hits}}  

“ ඈත අතීතයේ සිටම අපේ රටේ සියලු ජාතීන් හා ආගමිකයන් සහජීවනයෙන් ජනතාව ජීවත්වන බව රහසක් නොවේ. එහෙත් පසුකාලීනව එය වෙනස් වී අප ජාතිකත්වය, ආගම්වාදය මුල් කරගෙන ගහ මරාගන්නා අවස්ථා ඇති වුණේ අප සමාජයේ දූෂිත දේශපාලනඥයන්ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා බව කීවොත් නිවැරදි* යැයි රත්මලාන විහාරාධිපති සංගමයේ ලේකම් ශ්‍රී මල්ලිකාරාමාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය රණස්ගල්ලේ ඥානවීර හිමියෝ ගල්කිස්ස සිරි සුමනජෝති දහම් පාසල් ත්‍යාග සහතික පත් ප්‍රදානෝත්සවයේ මුලසුන දෙසුම සිදුකරමින් පැවසූහ.
මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය ශ්‍රී ධර්මේන්ද්‍රරාමාධිපති පූජ්‍ය මීරිගම ගෝතම හිමි, විහාරාධිකාරි ශාස්ත්‍රපති බඹරපනේ සුගතානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි දහම් පාසල් ආචාර්ය මණ්ඩලය, සිසු සිසුවියෝ, මවුපියෝ සංවිධානය කළහ.
(දෙහිවල - එච්.එම්.ධර්මපාල)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...