2025 අප්‍රේල් මස 11 ප.ව. 06:18 - {{hitsCtrl.values.hits}}
ගාල්ල මල්හරස් සුල්හියා ජාතික පාසලට සියවසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ සියවස් සැමරැම් පා ගමන ගාල්ල නගරයේ ගමන් ගත් අයුරැ. විදුහල්පති අයි.එම්.එම්. යූසුෆ් මහතාගේ මග පෙන්වීම මත විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය සහ ආදි ශිෂ්‍ය සංගමය මෙම පාගමන සංවිධානය කර තිබුණි. 1918 වසරේ ආරම්භ වූ මෙම විද්‍යාලය 1965 වසරේ මහා විද්‍යාලයක් බවට පත්ව ඇත. සිංහල සහ ද්‍රවිඩ යන භාෂා දෙකෙන් උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන මෙම විද්‍යාලයේ සිසු සිසුවියෝ සහ ආදි සිසු සිසුවියෝ විශාල පිරිසක් මෙම පාගමනට එක්ව සිටියහ.
![]() |
diary Read more... |