ගාල්ල වංචාවල මැලැගොඩ ශ්‍රී විමලජෝති දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවෝ දිවුරැම් දෙති

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 11:09 - {{hitsCtrl.values.hits}}  

අක්මීමන අධ්‍යාපන කලාපයේ මැලැගොඩ ශ්‍රී විමලජෝති දහම් පාසලේ 2018 වර්ෂය සඳහා තේරී පත්වූ ශිෂ්‍යනායක, නායිකාවෝ 36 දෙනෙක් පසුගියදා දිවුරැම් දුන්හ.
මැලැගොඩ ශ්‍රී විමලජෝති දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය බෝ සෙවණ දහම් විහාරයේ විහාරාධිපති, රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක අක්මීමන වංගීස හිමිපාණන්ගේ පූර්ණ කැපවීමෙන් උලෙළ සංවිධානය කෙරිණි.
මෙම අවස්ථාවට දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා අනුරැද්ධිකා කලෙහෙවත්ත මෙනවිය, ගා/ කලහේ ශ්‍රී සුමංගල ද්විතියික මහා විද්‍යාලයේ විශ්‍රාමික විදුහල්පති චන්දන ගුණරත්න මහතා හා දායක සභාවේ නිලධාරි මණ්ඩලය, දහම් පාසල් සංවර්ධන සමිතියේ නිලධාරි මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. බෝ සෙවණ පෙර පාසලේ නර්තන කණ්ඩායමේ දරැ දැරියෝ උත්සවය වර්ණවත් කළහ.
(ගාල්ල මැලැගොඩ තුෂාරි ප්‍රේමරත්න)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...