2025 අප්‍රේල් මස 20 පෙ.ව. 11:12 - {{hitsCtrl.values.hits}}
ගෝනාපීනූවල ප්‍රාථමික විද්‍යාලයේ පළමු වසරට එක්වූ සිසු දරැවන් පිළිගැනීමේ උත්සවය පසුගියදා පැවැත්වුණි.
විදුහල්පතිනි ජී. ජී. පද්මිණී මල්ලිකා මහත්මිය ගුරැ මණ්ඩලයේ සහ මා පිය සංගමයේ ද සහාය ලබා ගනිමින් සංවිධානය කළ මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. පී. චන්ද්‍රාවතී මහත්මිය සහභාගී වූවාය.
නවක සිසුන් පිනවීම සඳහා විවිධ ප්‍රසංගයක් ද පැවැත්වුණි.
පළමු වසරේ සිසුන්ට පෙළපොත් බෙදාදීම සංකේතවත් කරමින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චන්ද්‍රාවතී මහත්මිය සිසු සිසුවියන් කිහිප දෙනෙකු වෙත පෙළපොත් කට්ටල ප්‍රදානය ද සිදුකළාය.
(හික්කඩුව විශේෂ අමරසේන විතානගේ)
![]() |
diary Read more... |