2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:54 - {{hitsCtrl.values.hits}}
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී පවත්වන ලද ජාත්‍යන්තර තරැණ නව නිපැයුම්කරැවන්ගේ තරගාවලියේදී බලශක්ති පිරිමසන තාප උදුනක් නිර්මාණය කරමින් රන් පදක්කම දිනාගැනීමට මාවනැල්ල සහිරා මුස්ලිම් මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම්. ඉසෙඩ් එම්.අයියාෂ් සිසුවා පසුගියදා සමත් විය.
මෙම ලෝක තරැණ නව නිපැයුම්කරැවන්ගේ තරගාවලියට රටවල් 13 ක තරගකරැවන් 1500 ආසන්න පිරිසක් සහභාගි වී සිටි අතර මෙම තරගාවලිය සැප්තැම්බර් 22-25 දක්වා පැවැත්වුණි. ලංකාවේ නිපැයුම්කරැවන් 07 දෙනෙකු සහභාගි වී සිටි අතර සහභාගි වූ සිසුන් හත්දෙනාගෙන් පස්දෙනෙක්ම රන් පදක්කම් ද රිදී හා ලෝකඩ පදක්කම බැගින් ද ලබාගෙන තිබුණි.
සබරගමුව හා මධ්‍යම යන පළාත් දෙකම නියෝජනය කරමින් රන් පදක්කමක් ලබා ඇති මෙම සිසුවා 2013 -2015 යන වර්ෂවල කැලණි විශ්වවිද්‍යාලය හා නව නිපැයුම් කොමිසම යන ආයතනවලින් පවත්වනු ලැබූ සමස්තලංකා නව නිපැයුම් තරගාවලියේ දී මෙම සිසුවා රිදී පදක්කම් හා කුසලතා සහතික ලබාගෙන ඇත. මේ සඳහා විද්‍යාලයේ ගුරැවරැන් සහ මවුපියන් සහයෝගය ලබාදුන් බවත් ඉදිරියේදී තවත් නව නිර්මාණ සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය. බලශක්තිය පිරිමසන තාප උදුන ක්‍රියාකරවීමෙන් අඩු විදුලි බලයකින් හා කෙටි කාලයකින් ආහාර පිස ගැනීමට හැකි බවද සිසුවා ප්‍රකාශ කළේය.
(දමුණුපොළ - චමින්ද ජයලත්)
![]() |
diary Read more... |