ජාත්‍යන්තර වානිජ හා ආර්ථික විද්‍යා තරැණ සම්මේලනය්‍දී කොළඹ ආනන්ද විද්‍යාලයට ජයග්‍රහණ රුසක්

2025 අප්‍රේල් මස 20 ප.ව. 01:57 - {{hitsCtrl.values.hits}}  

 ඉන්දියාවේ ලක්නව් නුවර පැවති 4 වැනි ජාත්‍යන්තර වානිජ හා ආර්ථික විද්‍යා තරැණ සම්මේලනයට සහභාගී වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ වානිජ අංශයේ සිසුහු ජයග්‍රහණ කිහිපයක් ලබා ගැනීමට සමත්ව සිටිති.
ශ්‍රී ලංකාව සමග නේපාලය බ්‍රසීලය සහ ඉන්දියාව නියෝජනය කරමින් පාසල් හැත්තෑ අටක සිසු සිසුවියෝ මෙහි තරග සඳහා ඉදිරිපත්වී ඇති අතර ශ්‍රී ලංකාව නියෝජනය කළ ආනන්ද විද්‍යාලයේ සිසුහු පරිසර හිතකාමි කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දෙවැනි ස්ථානයත්, සංස්කෘතික අංශය තුන්වැනි ස්ථානයත්, විෂය සමගාමි තරගය සහ වෙළෙඳ දැන්වීම් තරගය සඳහා සිව්වැනි ස්ථානයත් ලබා ගැනීමට සමත්ව සිටිති.
ඒ සඳහා සහභාගී වූ සිසුහු වන පසිඳු ජයසේකර, අචිර ඉන්දුජ, දේවින්ද සියඹලාගස්පිටිය, අශාන් කොඩිතුවක්කු, කේෂාන් ගුණසේකර, රවිෂ්ක චන්ද්‍රරත්න, රොමේෂ් ද සිල්වා, දිසිත් රවිමාල් සහ විනුර දුලාන්  එස්.බී යමුනා කුමාරි සහ අශා දිල්රැක්‍ෂි ගුරැ මහත්මිය සමග ඡායාරෑපයේ සිටිති. 
(සුමති කුඩලිගම)


 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...