තබ්ලා වාදනයෙන් මුල් තැන් දිනූ ෂාමිල්ට විදුහලෙන් උපහාර

2025 ජනවාරි මස 23 පෙ.ව. 09:32 - {{hitsCtrl.values.hits}}  

නුවරඑළිය මහගස්තොට මද්දුම බණ්ඩාර විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබන චාරැක් ෂාමිල් මතීශ සිසුවා 2019 සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ දී ජ්‍යෙෂ්ඨ අංශයේ ඒකල වාදන තබ්ලා තරගයෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇත. ඒ වෙනුවෙන් 2018 – 10 – 23 වන දින නුවරඑළිය කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂක අමරසිරි පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හා පාසලේ දරැවන්ගේ මවුපියන්ගේ සහයෝගයෙන් උපහාර උත්සවයක් සංවිධානය කර තිබුණි.
කලාපීය, පළාත් හා ජාතික මට්ටමෙන් ජයග්‍රහණ රුසක් හිමිකර ගැනීමට මෙම සිසුවා සමත්විය. ඩබ්.එන්.දිනුක චතුරංග හා ප්‍රගීත් උඩුගමගේ යන සිසුන් දෙදෙනාට ද ඇගයීම් සම්මාන මෙහිදී ප්‍රදානය කරන ලදී.
මතීෂගේ සංගීත ගුරැවරයා ලෙස සංගීතවේදී මිහිඳු පෙරේරා මහතා කටයුතු කළ අතර විදුහල්පති රංජිත් ප්‍රේමලාල් මහතා හා ප්‍රධාන ආචාර්ය මණ්ඩලය උපහාර උත්සවය සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාව පූජ්‍ය කළුගහකඳුරේ විජිත හිමි ප්‍රධාන අවට පාසල්වල විදුහල්පතිවරැ ද එක්ව සිටියහ.


(නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...