තලාව විදුහලේ සත්බුදු වන්දනා පිංකමක්

2024 දෙසැම්බර් මස 21 ප.ව. 11:27 - {{hitsCtrl.values.hits}}  

තංගල්ල අධ්‍යාපන කලාපයට අයත් තලාව නවෝද්‍යා පාසලේ ගුරැවරැ  හා සිසු සිසුවියෝ එකමුතුවෙන් සිදුකරන ලද සත්බුදු වන්දනාව වැඩසටහන එම විද්‍යාලයේදී පැවැත්වුණි.

අගුණුකොළපැලැස්ස ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී තලාව නවෝද්‍යා පාසලේ ආචාර්ය තලාව ශී‍්‍ර බෝධිමාලකාරාමාධිපති පූජ්‍ය කාරියමඩිත්තේ සෝමරතන හිමිපාණන්ගේ සහභාගිත්වයෙන් විදුහල්පති ශි‍්‍රයාලාල් පේ‍්‍රමානන්ද මහතාගේ මග පෙන්වීම මත එස්.ඒ කමනි ගුරැමහත්මිය මෙම වැඩසටහන සංවිධානය කළාය.

මෙවර අ.පො.ස. සා/පෙළ විභාගයට පෙනී සිටින සියලු සිසු සිසුවියන්ට ආශිර්වාද කර සෙත් පැතීමත්, සියලු රට වැසියන්ටත්,ජනතාවටත් සෙත් පතා ආශිර්වාද කිරීමක් මෙහිදී සිදු කෙරිණි.

මෙහිදී ලේකාධිකාරී සෝමරතන හිමිපාණෝ අනුශාසනාව සිදු කළහ. සෙවනගල මංගල හිම්පාණෝ ආශිර්වාද පූජාව සිදුකළහ.

(මිද්දෙනිය විශේෂ - පී.පී.ඒ. කුමාරදාස)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...