තිරාණගම බෝධිරාජ මහ විදුහලට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:57 - {{hitsCtrl.values.hits}}  

ගා/ තිරාණගම බෝධිරාජ මහා විද්‍යාලයේ නව ශිෂ්‍යනායක මණ්ඩලයට නිල ලාංඡන පැලඳවීමේ උත්සවය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පසුගිය දා පැවැත්වුණි.
විදුහල්පති එස්. රෑපසිරි මහතාගේ ආරාධනයෙන් අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්. පී. චන්ද්‍රවතී මහත්මිය ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වූ අතර හික්කඩුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ දිමුතු අබේරත්න, කුලීගොඩ සුමන කනිටු විදුහලේ විදුහල්පතිනී බී. ඒ. ඩබ්ලිව්. කුමාරි, ගල්කෙමිනාව කනිටු විදුහලේ විදුහල්පතිනී ඩී. එන්. එන්. පෙරේරා යන මහත්ම මහත්මිහු ද ආරාධිතයෝ අතර වූහ.
විදුහලේ බටහිර තූර්ය වාදක කණ්ඩායම පෙරටු කොට පෙරහරින් ආරාධිතයන් කැඳවාගෙන ඒමෙන් අනතුරැව උත්සවය ආරම්භ විය.
ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රධාන ශිෂ්‍යනායක ලෙස අසිඳු රැසිර පවන්ද ප්‍රධාන ශිෂ්‍යනායිකාව ලෙස සතීදා හර්ෂණී, ප්‍රාථමික අංශයේ ප්‍රධාන ශිෂ්‍යනායක ලෙස රනුෂ් දිනෙල්ක සහ ප්‍රධාන ශිෂ්‍යනායිකාව ලෙස නිමාෂා චන්දීපනී ද තේරී පත්වූහ. විදුහලේ සෞන්දර්ය අංශය ඉදිරිපත් කළ නර්තන හා ගීත ගායනාවලින් උත්සවය වර්ණවත් විය.
(හික්කඩුව විශේෂ අමරසේන විතානගේ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...