තිසෝගම ශ්‍රී පාලි විද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකාවෝ දිවුරැම් දෙති

2025 අප්‍රේල් මස 20 ප.ව. 02:00 - {{hitsCtrl.values.hits}}  

කොළමුණු ඔයට හා දැදුරැඔයට මැදිවූ කුලි/ තිසෝගම ශ්‍රී පාලි මහා විද්‍යාලයේ 2017 - 18 නව ශිෂ්‍යනායක නායිකාවන් දිවුරැම් දීම හා නිල ලාංඡන පැලඳවීම බිංගිරිය අධ්‍යාපන කොට්ඨාසයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කේ. කේ. රංබණ්ඩා මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේ දී පසුගියදා පවැත්වුණි.
මෙම අවස්ථාවට විදුහල්පති හේමන්ත වාසල මහතාගේ ආරාධනය පරිදි දරැවන්ට අනුශාසනා ලබාදීම සඳහා කටුගම්පළ හත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක, කොස්හේනාගාර ශ්‍රී බෝධියංගනාරාම විහාරාධිපති පූජ්‍ය දුන්කන්නාවේ විනීත හිමියන් හා තිසෝගම මීසම් පාලක ගරැ උපුල් සිල්වා පියතුමන් ද වැඩම කර තිබුණි.
මෙවර ශිෂ්‍යනායක කණ්ඩායම සඳහා සිසු දරැ දැරියන් 40 දෙනෙකු පත්කර තිබූ අතර ප්‍රධාන ශිෂ්‍යනායක ලෙස සචින්ත වික්‍රමනායක හා උපප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස හසිඳු මනෝජ් ශිෂ්‍යයන් ද ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස හිමාෂා සංදීපනී හා උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස නිපුනි දිනේෂා පත්ව සිටිති.
මෙහිදී සියලු ශිෂ්‍යනායක නායිකාවන් හට සෙත් පිරිත් සජ්ඣායනා කර පිරිත් නූල් බැඳීම ද නාහිමියන් විසින් සිදුකරනු ලැබුණි.
(සටහන / ඡායාරෑප - බිංගිරිය නන්ද. එස්. ඒකනායක)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...