2024 දෙසැම්බර් මස 22 ප.ව. 07:52 - {{hitsCtrl.values.hits}}
කුඩා අවධියේ සිටම දරැවන් සඳහා ලිංගික සෞඛ්‍ය හා අධ්‍යාපනය පිළිබඳ නිවැරුදි දැනුම ලබාදී දරැවන් තුළ පවතින කුතුහලය නැති කළ යුතු බවට ජාතික ලිංගිකාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ සහකාර විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කළුආරච්චි මහත්මිය පැවසුවාය. ඇය එසේ පැවසුවේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේ පැවති රැවනාර ගුවන්විදුලි ළමා සමාජයේ මාසික සභා වාරයට සහභාගි වෙමිනි.
මෙවර සභා වාරය සභාපති වොවිනි කහවේවිතාන ලේකම් නර්තනා දසුනි විසින් මෙහෙයවූහ.
මෙම අවස්ථාවට සිංහල සේවා අධ්‍යක්ෂ භාතිය ජයතිලක හා සංගීත අංශය මෙහෙය වූ දර්ශන රත්නායක සහභාගී වූහ. රැවනාර ළමා සමාජය සැලසුම් කර නිෂ්පාදනය කරනු ලැබූයේ ප්‍රයන්තනී ගමගේ යහම්පත් මහත්මිය විසිනි.
ඔබට ද රැවනාර ළමා සමාජයේ මාසික රුස්වීම් සඳහා සහභාගි වීමට රැවනාර ළමා සමාජය, ස්වදේශීය සේවය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, කොළඹ 07 ලිපිනයට දුරකථන අංකය ඇතුළත් කර ලිපියක් එවීමෙන් අවස්ථාව ලබාගත හැක.
මෙවර වැඩසටහන පෙබරවාරි මස 16 වන සෙනසුරාදා සවස 5 ට ස්වදේශීය සේවයේ (91.7 හෝ 91.9 එෆ්.එම්) ඔස්සේ ශ්‍රවණය කළ හැකිය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |