දරැවන් ඉදිරියේ මිනිසුන් වෙමු - දරැවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, හිංසන වළක්වන්න පුත්තලම දරැවන්ගෙන් ජනපතිට

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:52 - {{hitsCtrl.values.hits}}  

 දරැවන්ට සිදුවන හිංසන සහ ප්‍රචණ්ඩත්වයට වළකාලන්නට ඉදිරිපත් වන්නැයි බලධාරින්ගෙන්  ඉල්ලා “ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටු දැකීම සඳහා වන තරැණ එකමුතුව , පුත්තලම නගරයේ දි ජනතාව දැනුම්වත් කිරිමක් සහ වීදි නාට්‍ය සංදර්ශනයක්  සංවිධානය කර තිබුණි.
  මේ සඳහා සිංහල , දමිළ ,මුස්ලිම් , දරැවන්ගෙන්   සැදුම් ලත් කණ්ඩායමක් පුත්තලම නගරය පුරා වීදි සංචාර කරමින් ජනතාව දැනුම්වත් කර අත් පත්‍රිකා බෙදා දීම සහ වීදි නාට්‍ය රඟ දැක්වීමක් සිදුවූ අතර ඒ සඳහා ජනතාවගේ විශාල දායකත්වයක් ලැබී තිබෙනු දැක ගත හැකි වුණි. 
 ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සදහා වන තරැණ එකමුතුව පවසන්නේ ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වූ නීති රෙගුලාසි සහ දරැවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවනු ලැබූ ආයතන පද්ධතියක් තිබුණ ද දිනපතා සැලකිය යුතු දරැවන් පිරිසක් හිංසනයට ගොදුරැ වන බවයි. එවන් පසුබිමක ළමා අපචාර ඇතුළු සියලු ආකාරයේ ළමා හිංසනයන්ට එරෙහිව නැගී සිටීමට තරැණයන් වන අපේ වගකිමක් හා යුතුකමක් බව  එම සංවිධානය පවසයි. 
 එසේම මේ පිළිබදව ජනතාව දැනුම්වත් කර ඉන් පසුව ඒ සඳහා ජනතාවගේ කැමැත්ත අත්සන් කර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාර දීමටද මෙම කණ්ඩායම සුදානමින් සිටින බව ඔවුහු පවසති 
(සටහන සේයාරෑ -  පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...