ධර්මරාජ බාලදක්ෂ 105 සැමරුමට  ලංකාවේ බාලදක්ෂයන්ට  ආපදා කළමනාකරණ පුහුණුවක්  

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 05:06 - {{hitsCtrl.values.hits}}  

මහනුවර ධර්මරාජ විද්යාකලයීය බාලදක්ෂ සමූහයට වසර 105ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පළමු වරට මෙරට  බාලදක්ෂයින් සඳහා ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂ පුහුණු වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇතග ආපදා කළමනාකරණ අමාත්යංරශයේ සහ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පූර්ණ මෙහෙයවීම යටතේ ලබන සැප්තැම්බර් මස 21 වැනිදා සිට 23 වැනිදා දක්වා ධර්මරාජ විද්යාහලයීය ලේක්වීව් පාර්ක් ජාත්‍යාන්තර බාලදක්ෂ මධ්යනස්ථානයේදී පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන (SERTORA - 2018 (Scouts Emergency Response Training Of Rajans)  ලෙසින් නම් කර ඇත.


දිවයින පුරා විසිර සිටින බාලදක්ෂයින් සහ නායකයින් 750 දෙනකු පමණ මෙම වැඩසටහන සඳහා සහභාගී වීමට නියමිත වන අතර එහිදී ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් සෑම අංශයක් පිළිබඳව ම විධිමත් පුහුණුවක් මෙම දින කිහිපය තුළ ලබා දීමට නියමිතයග මේ අනුව ආපදා කළමනාකරණයේ ඒ ඒ විෂය සම්බන්ධ විශේෂඥයන් වෙතින් නාය යාම්ල ගංවතුරල සුළි සුළං, සුනාමි, ගිනි, කෘමි සතුන් දෂ්ඨ කිරීම, විවිධ වසංගත රෝග ගැටුම් නිසා රට අභ්‍යන්තරයේ අවතැන් වන ජන කොටස් කළමනාකරණය ආදී ආපදා සම්බන්ධ පුළුල් විෂය ක්ෂේත්රම ගණනාවක් ආවරණය වන පරිද්දෙන් බාලදක්ෂයන් හට මෙම පුහුණුව ලබා දීමට කටයුතු මේ වනවිට සංවිධානය වෙමින් පවතීග දිනෙන් දින වර්ධනය වන ආපදා තත්ත්ව හමුවේ ඒවායෙන් සිදුවන විපත් අවම කිරීමේදී මෙවැනි පුහුණු වැඩසටහන් මඟින් විශාල සහනයක් අත්වන බවත් විශේෂයෙන්ම බාලදක්ෂයින් වෙත මෙම පුහුණුව ලබා දී‍මෙන් ඉදිරි ආපදා කළමනාකරණයේදී ඔවුන්ගෙන් රටට විශාල සහයක් ලබා ගත හැකි වන බවද ජාතික ආපදා කළමනාකරණ මධ්යඔස්ථානයේ  අධ්‍යක්ෂ බ්‍රිගෙඩියර්  අතුල ආරියරත්න පැවසීය. දිවයිනේ බාලදක්ෂයන් සඳහා පළමු වතාවට පැවැත්වෙන මෙම වැඩසටහනට මේ වනවිට  ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආසියා පැසිෆික් කලාපය විසින්ද පිළිගෙන ඇත.
1913 වසරේදී මහනුවර ධර්මරාජ විද්‍යාලයයේ බාලදක්ෂ කටයුතු ආරම්භ වූ අතර ඒ සඳහා මුල පුරන ලද්දේ එවකට විද්‍යාලයයේ ආචාර්යවරයකු සහ බාලදක්ෂ කොමසාරිස්වරයකු වූ ජේ. එච්. ද සේරම් මහතා විසිනි. ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවල් සාමි වරයා ද දෙවරක්ම ධර්මරාජ විද්යාරලයීය ලේක්වීව් පාර්ක් බාලදක්ෂ මධ්‍යස්ථානයට පැමිණ ඇති අතර මහනුවර ධර්මරාජ විද්යාමලයට 1917-1918 සහ 1919 යන වසරවලදී බ්‍රිතාන්‍ය රජුගේ ධජය ද දිනාගෙන ඇත. වසර ගණනාවක්ම ජාත්‍යාන්තර බාලදක්ස ඉසව් ගණනාවක් සිදුකොට ලෝකයේ නම රැන්දූ මෙම සමූහය තම සියවස වෙනුවෙන්ම රිස්ගෝ 2013 නමින් විශේෂ වැඩසටහනක් සංවිධානය කළේය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...