නවදගල හිපන්කන්ද කනිෂ්ඨයේ ශිෂ්‍යත්ව හපන්නු

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 11:27 - {{hitsCtrl.values.hits}}  

නවදගල හිපන්කන්ද කනිටු විද්‍යාලයේ සිසු සිසුවියෝ සිව් දෙනෙක් මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී සිටිති.සඳුනි අප්සරා දෙව්මිණි ලකුණු 175 ක්ද, එච්. එස්. සමින්ද ලක්ෂාන් ලකුණු 170 ක්ද, කවීෂා දෙව්මිණි පියරත්න ලකුණු 169 ක්ද, සිනුරි සමාධි කෞශල්‍යා ජයවීර ලකුණු 168 ක්ද ලබා ගෙන සමත් වී සිටිති.
මේ පාසල ආරම්භ කොට මේ වසරේ වසර 97 ක් සම්පූර්ණ වන අතර එකවර වැඩිම සිසුන් සංඛ්‍යාවක් ශිෂ්‍යත්වය සමත් වූ පළමු අවස්ථාව මෙය වේ.
ඩබ්ලිව්. ජී. ඩී. ධම්මිකා මහත්මිය පන්තිය භාර ගුරැවරිය ලෙස කටයුතු කරන බවත් සියලු ගුරැවරැන්ගේ හා වර්තමාන විදුහල්පති කමල් ශ්‍රී ලියනගේ මහතාගේ කැපවීම නිසා මෙම ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වූ බවත් ඔවුහු  කියති.


(බලපිටියේ  එස් ඒ වයි ද සිල්වා)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...