නව නිපැයුම් 2019 ඉංජිනේරැ අංශය - ලොව තුන්වැනි තැන බඩල්කුඹුර නිස්සංක විද්‍යාලයේ නවීන්ට

2025 ජනවාරි මස 23 පෙ.ව. 09:26 - {{hitsCtrl.values.hits}}  

ඔක්තෝබර් 8 වැනිදා සිට 12 වැනි දින දක්වා ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී පැවැති 2019 පාසල් ළමයින්ගේ නව නිපැයුම් තරගාවලියේ ඉංජිනේරැ අංශයේ තුන්වැනි ස්ථානය ශ්‍රීලංකාව නියෝජනය කළ මොනරාගල බඩල්කුඹුර නිස්සංක මහා විද්‍යාලයේ ඩබ්ලිව්.ඒ නවීන් ප්‍රභාෂ්වර අමරසූරිය ශිෂ්‍යයා හිමිකරගෙන තිබේ.
පරිපථ පද්ධතියක් මාර්ගයෙන් ස්වයංක්‍රීයව නිවසට ජලය රුගෙන ඒම දුරකථන මාර්ගයෙන් බලාගැනීමට හැකි උපකරණයක්(Interligen water level controller) නිර්මාණය කිරීම සම්බන්ධයෙන් මෙම ජයග්‍රහණය හිමිවිය. එම උපකරණය විදුලිය නොමැති අවස්ථාවේදීද සූර්ය බලයෙන් ක්‍රියාත්මක කිරීමට හැකිය.
එම ජයග්‍රාහී සිසුවා පිළිගැනීමේ උත්සවයක් නිස්සංක මහා විද්‍යාලයේදී පසුගියදා පැවැත්වුණි. 
විදුහල්පති ඩී.එම්. වීරරත්න,විෂයභාර ගුරැතුමන් වන ආර්.ඒ. ප්‍රියදර්ශන යන මහත්වරැන් සමග ජයග්‍රාහි සිසුවා ඡායාරෑපයකට මුහුණදුන් අයුරැයි මේ. 


(බිබිල විශේෂ කේෂර ගුණතිලක)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...