නාඋල පොලිසියෙන් පාසල් උපකරණ ප්‍රදානයක්

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 10:42 - {{hitsCtrl.values.hits}}  

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් පාසල් සිසු පිරිසකට පාසල් උපකරණ ලබාදීමේ උත්සවයක් නාඋල පොලිස්ථානයේ දී පසුගියදා  පැවැත්විණි. නාඋල පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතාගේ මූලිකත්වය යටතේ මෙම වැඩසටහන පැවැත්වුණි.
මාතලේ සංඝමිත්තා බාලිකා විදුහලේ ආදි ශිෂ්‍යාවන්ගේ ‘&යූත් සොසයිටි * ආයතනය මගින් වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සපයා තිබිණි.
වැඩසටහන යටතේ නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් පාසල් සිසු සිසුවියන් සඳහා වසරකට අවශ්‍ය පාසල් උපකරණ බෙදා දෙන ලදී.
(නාඋල - ඉන්දික අරැණ කුමාර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...