නාඋල පොලිසියෙන් පාසල් සිසුන්ට පාවහන්

2025 අප්‍රේල් මස 19 ප.ව. 04:32 - {{hitsCtrl.values.hits}}  

නාඋල - අඹන ප්‍රදේශයේ තෝරාගත් පාසල් විස්සක සිසුන්ට පාවහන් ලබාදීමට නාඋල පොලිස්ථානාධිපතිවරයා පියවර ගත්තේය.
පොලිස් ජංගම සේවයට සමගාමිව නාඋල සේනාගම ප්‍රදේශයේ පවත්වාගෙන යනුලබන පොලිස් මුරපොළේ දී නාඋල පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර විජේසුන්ර මහතා විසින් පාවහන් ලබාදීම සිදුකරන ලදී.
මිට අමතරව නාඋල - අඹන ප්‍රදේශයේ වැඩිහිටි මවුපියන්ට අවශ්‍ය කරන ඇඳුම් ලබාදීමට ද ස්ථානාධිපතිවරයා කටයුතු කළේය.
 ගමට පොලිසිය සංකල්පය යටතේ ක්‍රියාත්මක  පොලිස් ජංගම සේවයට සමගාමීව සේනාගම ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය,අපරාද මැඬපැවැත්වීම, විවිධ ප්‍රජා සත්කාර සේවා ඇතුළු වැඩසටහන් රුසක් ක්‍රියාත්මකය.
ප්‍රදේශයේ දුප්පත් පවුල් ජීවත්වන නිවාස අලුත්වැඩියා කිරීම් ද ජංගම සේවයට සමගාමිව සිදුකෙරැණි. නාඋල පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකය හා සිවිල් ආරක්ෂක කමිටුව ප්‍රදේශවාසින් සමග එක්ව ප්‍රජා සත්කාරක කටයුතුවල නිරත වන බව නාඋල පොලිසිය සඳහන් කළේය.
(නාඋල - ඉන්දික අරැණ කුමාර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...