නායකත්ව ගුණාංග වර්ධනය කරගන්න සෑම දරැවකුටම පුළුවන් අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ගීතානි විජේගු

2025 අප්‍රේල් මස 11 ප.ව. 06:12 - {{hitsCtrl.values.hits}}  

හැම මවුපියෙක්ම උත්සාහ කරන්නෙ තම දරැවා තමන් සිටින තැනින් ඉහළට ඔසවා තබන්නටයි. මේ බව හැම දරැවෙකුම හොඳින් වටහාගෙන අධ්‍යාපනයේ නියම පල නෙළා ගන්නට උත්සාහ කළ යුතුයි. දරැවන් තුළ බොහෝ සැගවුණු කුසලතා හා දක්ෂතා තිවෙනවා. එම සැගවුණු කුසලතා සහ දක්ෂතා හොඳින් හඳුනාගෙන ඒවා වර්ධනය කරන්නට ගුරැවරැන් උත්සාහ කළ යුතුයි.
අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ගීතානි විජේගුණසිංහ මහත්මිය බූස්ස ශ්‍රී ධීරානන්ද මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායකයනට නිල ලාංඡන පැලඳවීමේ උත්සවය අමතමින් එසේ කීවාය.
විදුහල්පති එන්.ජේ. සෝමසිරි මහතාගේ මග පෙන්වීම මත විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කර තිබුණි. ශිෂ්‍යනායක මණ්ඩලය විසි දෙනෙකුගෙන් සමන්විත විය. හික්කඩුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ.ජගත් විමලසාරි ද සිල්වා මහතා ද මෙම උත්සවයට සහභාගි වූයේය.
එහිදී තවදුරටත් අදහස් පළකර සිටි ගීතානි විජේගුණසිංහ මහත්මිය මෙසේද කීවාය.
ශිෂ්‍යනායක ධුරය සඳහා තෝරා ගැනෙන්නේ නායකත්ව ගුණාංග සහිත දරැ පිරිසකුයි. පාසලේ ශිෂ්‍ය නායකයකු වීමට හැකියාව නැතත් පාසලේ වෙනත් නායකයකු බවට පත්වීමට ඕනෑම දරැවෙකුට හැකියි. සමාජයේදීත් නායකයකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව උදාකර ගත හැකියි. පාසලක සිටින ශිෂ්‍ය නායකයන් පමණක් නොව සියලුම දරැවන් නායකත්ව ගුණාංග වර්ධනය කරගැනීමට උත්සාහ කළ යුතුයි.
අධ්‍යාපනය යනු කුමන හෝ දෙයක් කර විභාග සමත්වීම පමණක් නොවෙයි. ප්‍රශ්න හා අභියෝග හමුවේ නොසැලී කටයුතු කිරීමට අවශ්‍ය කරන ශක්තිය ද දරැවන් පාසලෙන් ලබාගත යුතුයි. මනා පෞරැෂයක් සහිත දරැවන් ලෙස ඔබ සමාජයට යා යුතුයි. ඒ සඳහා නිසා අධ්‍යාපනයක් ලබා ගන්නවා සේම විෂය සමගාමී ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් ද බොහෝ වටිනා අත්දැකීම් ජීවිතයට එක්කර ගත යුතුයි. 


(රත්ගම ගාමිණී මහදුර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...