නාවල ජනාධිපති බාලිකාවේ පෞරැෂ සංවර්ධන කඳවුර දා

2025 අප්‍රේල් මස 20 ප.ව. 05:06 - {{hitsCtrl.values.hits}}  

සියල් සපිරි සියල්, සී. අයි. සී. හෝල්ඩිංස් සමූහ ව්‍යාපාරය සහ විජය ළමා පුවත්පතේ ප්‍රධාන අන්‍රග්‍රහයෙන් පවත්වනු ලබන ‘ අරැණැල්ලක ප්‍රභාෂ්වර ‘ නායකත්ව සහ පෞරැෂ සංවර්ධන තෙදින කඳවුරැ මාලාවේ ‘ 375 වැනි ‘ කඳවුර නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ දී පසුගිය දා පැවැත්වුණි.
මෙම අවස්ථාවට සී. අයි. සී. හෝල්ඩිංස් ආයතනයේ ප්‍රධාන විධායක සමන්ත රණතුංග, විධායක නිලධාරී මාධව ජයතිලක. සංජය රවින්ද්‍ර ඒකනායක, වෙළෙඳ කළමනාකාර නිස්රීන් අලී, සහකාර වෙළෙඳ කළමණාකාරී සුරංගී සෝමසිරි, විද්‍යාලයේ විදුහල්පතිනි ඩබ්. ඒ. එන්. පෙරේරා, ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ආචාර්යවරැන් වන නියෝජ්‍ය විදුහල්පතිනි කුමාරි විජේගුණවර්ධන සහකාර විදුහල්පතිනි පබා තුෂාරී මාරසිංහ, ඩබ්. සී. ප්‍රධානි, රසිකා පිරීස්, එල්. ජී. රමණි ප්‍රියංගනී, අරැණි ශ්‍රියන්ති, තුල්‍යා තිලකරත්න, දුමින්ද සංජීව යන මහත්ම මහත්මිහු රුසක් සහභාගී වූහ.
ශිෂ්‍ය නායක නායිකාවෝ 45 දෙනෙක් මෙම කඳවුරට සහභාගී වූහ. අතර කඳවුර මෙහෙය වීම ජනමාධ්‍යවේදී නායකත්ව පුහුණු උපදේශක ජයසිරි කාරියවසම් මහතා ගෙනි.
( රැෂිරැ තරංග )

DSC_9959 DSC_9964 DSC_9967 DSC_9962 DSC_9963 DSC_9968-1

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...